සිංහල භාශාවේ නවීකරනය හා ප්‍රමිතිකරනය වෙනුවෙන්

ලේඛනාගාරය

ආයුබෝවන්!

අනවශ්ය සංකීර්නතා ඉවත ලා කාටත් පහසුවෙන් ග්රහනය කරගන්න පුලුවන් තර්කානුකූල සරල වියරනයක් සහ අක්ශර වින්යාසයක් අනුයෑම තමයි අද යුගයේ භාශාවලට අවශ්ය. සිංහල සම්බන්ධයෙනුත් තත්වය ඒකයි. මේ කරුනු කාරනා වඩා පැහැදිලි කරන්නත් අන්තර්ජාල සිංහලය හා හෙට දවසේ සිංහල බස කුමන මගක් ගත යුතු ද යන්න පිලිබඳව සම්පාදිත ලිපි ලේඛන සාකච්ඡා ආදිය ගොනු කිරීමටත් අපි මේ අලුත් වෙබ් අඩෙවිය ආරම්භ කලා. භාශාවේ නවීකරනය සම්බන්ධ ලිපිලේඛන පහසුවෙන් සොයාගන්නත් කියවන්නත් මූලාශ්ර හොයන්නත් උපකාර වන මේ වෙබ් අඩෙවියේ නම හෙට සිංහල.

අපි යෝජනා කරන ප්‍රධාන අංශ දෙකක් තියෙනවා -

( 1 ) සිංහල හෝඩියේ තිබෙන භාවිතා නොකරන අකුරු ඉවත් කල යුතුයි.

මූර්ධජ අකුරු, බැඳි අකුරු ඉවත් කර පිලි සහ හල් අකුරු සමරූප කල යුතුයි.

( 2 )සිංහල ලේඛන වියරනය ජීවමාන බසේ වියරනයෙන් උපුටාගන්නා ලද්දක් විය යුතුයි.

වියරනය කට බසේ වියරනයෙන් උපුටා ගත යුතු යි.

එහෙම නොකලොත් සිංහල භාශාව අන්ර්ජාලයෙන් පමනක් නොව සමස්ත ව්යවහාරය තුලින් ම අතුගෑවී යාමට ඇති ඉඩ සුලුපටු නෙවෙයි.

මේ වෙබ් අඩෙවියේ අරමුන "වියරන ඇදුරාට" අවනත නොවී සිංහල බස සකසාගන්න නිර්භය වෙන පිරිසට ඊ මූලාශ්ර සැපයීමයි.